කල්පිටියදී කේරල ගංජා සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

කල්පිටිය ප්‍රදේශයේ දී රුපියල් කෝටි පහකට අධික වටිනාා කේරල ගංජා සමඟ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කල්පිටිය පොලීසියට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකර තිබේ. බුත්තල කල්පිටිය විල්පත්තු අභයභූමිය ආසන්න ගොඩබිම් තීරයේ පලුගස් දෙකක ගැටගසා තිබූ ගෝනි හතක තිබියදී මෙම කේරල ගංජා තොගය සොයාගෙන තිබේ.

මෙම ගෝනි තුළ කේරල ගංජා පාර්සල් අනූතුනක් තිබූ බව අතර අත්අඩංගුවට ගත් කේරල ගංජාවල බර කිලෝ ග්‍රෑම් 200ක් පමණ වන බව වාර්තාවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන්ව පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top