තිලිණ බණ්ඩාරට මධ්‍යම පළාතේ අමාත්‍ය ධූරයක්..

මධ්‍යම පළාත් ක්‍රීඩා , යෞවන කටයුතු , වනිතා , ග්‍රාම සංවර්ධන හා කර්මාන්ත පිළිබඳ අමාත්‍ය ධුරයේ කටයුතු කළ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගියදා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පළාත් අමාත්‍ය ධුරය සදහා මධ්‍යම පළාත් සභාවේ තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පත්කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත පිරිනමනු ලැබුවේ ජනාධිපති කාර්යාලයේ දීයි. අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර , දුමින්ද දිසානායක , මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක , පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන අය මෙම අවස්ථාවට එක්ව සිටියා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top