අනුර සේනානායක 18 වනදා තෙක් යළි රිමාන්ඩ්

රගර් ක්‍රිඩක වසීම් තාජුඞීන් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මේ මස 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ මොහු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජයරාම් ට්‍රොක්සි හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. තාජුඞීන් ඝාතනයට ලක්වූ දින සහ ඊට ආසන්න දින 14ක කාලය තුල  ජනාධිපති ආරක්ෂක ඒකකය පවත්වාගෙන ගිය සටහන් පෙත්වල පිටු ගැලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ ඥාතීන්ට ආරක්ෂාවට යොදවා සිටි හමුදා අනු කණ්ඩයේ ප්‍රධානියාගෙන් සහ තවත් 09 දෙනෙකුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර බව රහස් පොලිසිය වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top