පිල්ලයාන් යළි රිමාන්ඩ්

නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් යළි රිමාන්ඩ් කරන ලෙස මඩකලපුව මහධිකරණය අද (4) නියෝග කර තිබේ.

අද උදෑසන ඔහු මඩකලපුව අධිකරණයට ඉදිරිපත් කළ අතර ලබන 7 වන දින තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.

2005 වසරේ දෙසැම්බර් 25 වන දින මඩකලපුව මරියාල් දේවාලයේ නත්තල් දේව මෙභෙයට සහභාගි වෙමින් සිටි දෙමළ ජාතික සංධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්‍ධයෙන් පිල්ලයාන්ව පසුගිය වසරේ ඔක්තෝබර් 09 වනදා අපරාධ විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.

-37

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top