කේරළ ගංජා සමඟ දෙදෙනෙකු මන්නාරමේදී අත්අඩංගුවට

Arrest_CIමන්නාරම, මූන්දන්පිටි ප්‍රදේශයේදී විකිණීම සඳහා ගෙන එන ලද කේරළ ගංජා කිලෝ 2යි ග්‍රෑම් 850ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වංකාලයි නාවික හමුදා කඳවුරට ලැබුණු තොරතුරකට අනුව නාවික හමුදාව සහ පොලිසිය එක්ව කළ වැටලීමකින් සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්‍ෂ තුනහමාරක් පමණ වන බව පැවැසේ. සැකකරුවන් මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තබා ප්‍රශ්ණ කිරීමට මන්නාරම මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top