දේශපාලන අවශ්‍යතා මත වර්ජන කිරීම කණගාටුවට කරුණක්

සයිටම් ගැටලුව විසඳීමට ප්‍රතිපත්තිමය තීන්දු රැසක් ගෙන ඇති මොහොතක දේශපාලන අවශ්‍යතා අනුව වැඩවර්ජනවල නිරත වීම කණගාටුවට කරුණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. අනුරාධපුරයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ජනාධිපතිතුමා මේ බව කියාසිටියේ.

අනුරාධපුර පළාත් සභා සංකීර්ණ පරිශ්‍රයේ නව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම සිදුවුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ප්‍රථම මල් පූජාව සිදු කරමින් ජනාධිපතිතුමා ආගමික වතාවත්වල ද නිරත වුණා. අනතුරුව මහා සංඝරත්නයේ සියක් නමක වෙනුවෙන් පැවති දානමය පිංකමට ද ජනාධිපතිතුමා එක්වුනා. මෙහි පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ඇතැමුන් දේශපාලන අවශ්‍යතා මත වැඩවර්ජනවල නිරත වීම සම්බන්ධයෙන් කණගාටුව පළ කළා.

ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැමිණෙන විට විරෝධතා දැක්වීමට සූදානම් වීම පිළිබඳව ද ජනාධිපතිතුමා කරුණු පැහැදිලි කළා.රුවන්වැලි සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද මැතිඇමතිවරුන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top