ගම්පොළ නගරයේදී පැහැර ගැනීමට ලක්වූ අවුරුදු දෙකයි මාස 8ක් වයසැති කුඩා දරුවා සමඟ සිටි 26 හැවිරිදි තරුණයා කප්පම්කරුවන් විසින් මුදා හැර තිබෙනවා. පොලිස් මූලස්ථානය සඳහන් කළේ කප්පම්කරුවන් විසින් මහනුවර ප්‍රදේශයේදී තරුණයා මුදා හැර ඇති බවයි. ඒ අනුව අදාළ තරුණයාගෙන් ලද තොරතුරු මත කුඩා දරුවා සොයා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට ලැබී ඇති තොරතුරුවලට අනුව අදාළ පොලිස් කණ්ඩායම් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත්තේ කොළඹ හා ගාල්ල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින්.