පුන්කුඩුතිව් පාසල් දැරිය ඝාතන සැකකරුවන් තවඳුරටත් රිමාන්ඩ්

Jail_CIයාපනය පුන්කුඩුතිව් ප්‍රදේශයේ පාසල් දැරිය සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්‍ධව රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් 12 දෙනා ලබන 6 වන දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

අද අඟහරුවාදා දින ඉකුත් ඝාතන සිද්ධිය සම්බන්‍ධ නඩුව ඌර්කාට්තුරයි අධිකරණ මහේස්ත්‍රාත් ඒ.එම්.එම්. රියාල් මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ නඩුවට සම්බන්‍ධ සැකකරුවන් 12 දෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහිදී සැකකරුවන් පාර්ශවයෙන් නීතීඥවරයකු අධිකරණයට ඉදිරිපත් නොවූ අතර, අධිකරණය ඉදිරියේ තමන්ට පැවැසීමට කිසිවක් තිබේදැයි මහේස්ත්‍රාත්වරයා විමසූහ. එයට සැකකරුවන් පැවැසීමට කිසිවක් නැති බවට පිළිතුරුදුන්හ.

ඉන් අනතුරුව සැකකරුවන් 12 දෙනා ලබන 6 වනදා දක්වා යළි රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top