අමාත්‍ය රවී කරුණානායක සහ පිලිපීන මුදල් ඇමැති අතර හමුවක්..

පිලිපීන මුදල් අමාත්‍ය කාලෝස් ඩොමින්ගස් (Carlos Dominguez) සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් පසුගිය දා පැවැත්විණි. ජපානයේ යොකෝහමා නුවර පැවැති ආසියානු සංවර්ධන බැංකුවේ 50 වැනි වාර්ෂික සමුළුව අතරතුර මෙම හමුව සිදු විය.

මෙහි දී පිලිපීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිතුදම තව දුරටත් ශක්තිමත් කරගනිමින් සහයෝගයෙන් කටයුතු කළ යුතු ආකාරය මෙහි දී සාකච්ඡා කළේ ය. කලාපීය වශයෙන් එක්ව කටයුතු කිරීමේ වැදගත්ම මෙහි දී අවධාරණය කෙරුණු අතර,තිරසාර සංවර්ධන ගමන සඳහා හැකි උපරිමයෙන් සහය ලබා දීමට සූදානම් බව ද පිලිපීන මුදල් අමාත්‍යවරයා පැවැසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top