SRILANKAN NEWS

උදයංග වීරතුංගගේ පෙත්සම සළකා බැලීමට දින නියම වෙයි

උදයංග වීරතුංග ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන අගෝස්තු 28වනදාට සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කර තිබේ.

තමන්ට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය හරහා නිකුත්කළ වරෙන්තුව ආපසු කැදවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු විසින් පෙත්සමක් ගොනු කර තිබුණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී වංචාවක් සිදුකර ඇති බවට උදයංග වීරතුංගට එරෙහිව චෝදනා එල්ලවී තිබේ. ඔහුට අයත් බැංකු ගිණුම් කිහිපයක් මේ වන විට තහනම් කර තිබෙන අතර, එම ගිණුම්වලින් මුදල් නිදහස් කිරීමේ හැකියාවක් පවතී ද යන්න ඉදිරියේදී දැනුම් දෙන ලෙස  නීතිපතිවරයා වෙත ශ්‍රේෂ්ඨාධිකරණය උපදෙස් ලබාදී තිබේ.