අම්පාරේ රිය අනතුරකින් කාන්තාවක් මරුට

අම්පාර බස් නැවතුම්පොළ තුළදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.

බස් නැවතුම්පොළට පිටතින් පැමිණි ලංගම බස් රථයක් මගීන් බස්සවා ඉදිරියට ගමන් කිරිමේදී එහි කාන්තාවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව අම්පාර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. මියගොස් ඇත්තේ උදයපුර, වීරගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි කාන්තාවක් බව අනාවරණය වී ඇත.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අම්පාර පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top