SRILANKAN NEWS

තැලසීමියා රෝගීන් වෙනුවෙන් නව රෝහලක්

තැලසීමියා රෝගීන් වෙනුවෙන් නව රෝහලක්දිවයින පුරා ලියාපදිංචි වී සිටින 3500 ක් පමණ වන තැලසීමියා රෝගීන් වෙනුවෙන් ඇටමිදුලු බද්ධ කිරීමේ රෝහලක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ  හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මහ රෝහල් පරිශ්‍රයේ දී ඊයේ (08) සිදුකෙරිණි.

ලෝකයේ තැලසීමිීයා රෝගීන්ට නොමිලයේ සැත්කම් කරන එකම රට වන්නේ ද ශ්‍රී ලංකාවයි. තැලසීමියා රෝගීන්ගේ කවය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම රෝහල වසරක් තුල ඉදිකෙරන අතර, එය මහල් 06 කින් යුක්ත වෙයි. ඒ සඳහා වැය කරන මුදල රුපියල් බිලියනයකි. ජාත්‍යන්තර තැලසීමියා දිනය යෙදී ඇති ඊයේ දින (08) ආරම්භ කළ මෙම රෝහල 2018 වසරේ මැයි මාසයේ දී ඉදිකර අවසන් කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණවර්ධන මහතා, මහනුවර රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා, තැලසීමිීයා කවයේ සභාපති නාමල් පේ්‍රමරත්න යන මහත්ම මහත්මිීන් සහ වෛද්‍යවරුන්, රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.