වෙසක් සැරසිළි සහ දන්සැල්වල පොලිතීන් භාවිතයෙන් වැළකින්න

දන්සැල්වල පොලිතීන් භාවිතයෙන් වැළකී දිරායන කෙසෙල් කොළ,කැන්ද කොළ වැනි ද්‍රව්‍ය ආහාර ලබාදීමට භවිතා කරන ලෙස ඩෙංගු මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය අනෝජා දීරසිංහ මහත්මිය පවසයි.

පොලිතීන්වලින් සැරසිළි කිරීම, යෝගට් කෝප්ප, ප්ලාස්ටික් ද්‍රව්‍ය තැන තැන දැමීමෙන් ඩෙංගු අවධානම ඉහළ යෑමට බලපාන බවත්, අවට පරිසරය සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගැනීම සැමගේ වගකීම බවද පෙන්වාදී තිබේ.

වසර 2017 අප්‍රේල් මස වනවිට ඩෙංගු රෝගීන් 42,141ක් වාර්තා වී තිබෙන බව ද වෛද්‍ය අනෝජා දීරසිංහ මහත්මිය වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top