වැට් බදු සංශෝධන පනත ඉල්ලා අස්කර ගනී

laksman kiriyala_CIරජය වැට් බදු සංශෝධන පනත ඉල්ලා අස්කරගෙන තිබේ.

සභානායක හා උසස් අධ්‍යාපන ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා විසින් වැට් බදු සංශෝධන පනත ඉල්ලා අස්කර ගන්නා බව පාර්ලිමේන්තුවේදී දැනුම් දී තිබේ.

ඒ අනුව ඉදිරියේදී මෙම පනත් කෙටුම්පත විවාද කිරීමට නියමිත බවට න්‍යාය පත‍්‍රයේ වූ සටහන් ඉවත් කර ඇත.

කිරිඇල්ල මහතා මේ බව කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කළ පනතක් න්‍යාය පත‍්‍රයේ තිබෙන්නේ කෙසේදැයි මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන විසින් කරන ලද ප‍්‍රශ්න කිරීමකදීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top