ඩීසල් නිෂ්පාදන බද්ද ඉහළට – ඩීසල් මිලේ වෙනසක් නෑ

dieselඩීසල් ලීටරයක් සඳහා වූ නිෂ්පාදන බද්ද රු.10.00කින් ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.

අගෝස්තු 20 වනදා සිට අදාළ තීරණය ක්‍රියාත්මක වන බවත් මෙතෙක් අයකළ රුපියල් 03 ක ඩීසල් නිෂ්පාදන බද්ද ඒ අනුව රුපියල් 13 ක් දක්වා ඉහළ යනු ඇත. කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශය අවධාරණය කර සිටින්නේ නිෂ්පාදන බද්ද ඉහළ ගියද ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි.

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ගණන් පහත බැස ඇති බැවින්, එහි වාසිය රජයට ලබාගැනීම මෙම බදු සංශෝධනය මඟින් අපේක්ෂා කෙරෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top