ගීතාගේ පෙත්සම සළකා බැලීම ලබන 15 වනදාට

ගීතා කුමාරසිංහ මහත්මිය විසින් ගොනු කළ පෙත්සම ලබන 15වනදාට සළකා බැලීමට නියමිත බව වාර්තාවේ.

ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීමට සුදුසුකම් ලබන්නේ නැති බවට අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව ලබන 15 වනදා තෙක් අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.

ඒ අනුව ගීතා කුමාරසිංහ මහත්මිය ගොනු කළ අභියාචනා පෙත්සමද එදිනට සළකා බැලීමට නියමිතය.

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ කටයුතු කිරීමට සුදුසුකම් ලබන්නේ නැති බවට අභියාචනාධීකරණය දුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් ගීතා කුමාරසිංහ මහත්මිය විසින් පසුගියදා ශ්‍රේෂ්ඨාධීකරණයේ අභියාචනා පෙත්සමක් ගොනු කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top