උතුරු මුහුදේ කන්කසන්තුරය වරාය අාසන්න මුහදේ පාවෙමින් තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව විසින් ඊයේ (12) දහවල් සොයා ගෙන අැති බව වාර්තා වේ. කිලෝ ග්රෑම් 9.3 ක බරකින් යුතු අදාළ හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 9 කට අධික බව අනාවරණය වී අැත. කන්සන්තුරය වරායට නාවික සැතපුම් 8 ක් පමණ දුරින් මුහුදේ පාවෙමින් තිබියදී මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය පාර්සලය නාවික හමුදා වෙරළ ආරක්ෂක භටයින් විසින් සොයාගෙන අැත.