SRILANKAN NEWS

මුහුදේ පාවෙමින් තිබූ හෙරෝයින් තොගයක් නාවික හමුදා විසින් සොයා ගැනේ…

උතුරු මුහුදේ කන්කසන්තුරය වරාය අාසන්න මුහදේ පාවෙමින් තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව විසින් ඊයේ (12) දහවල් සොයා ගෙන අැති බව වාර්තා වේ. කිලෝ ග්රෑම් 9.3 ක බරකින් යුතු අදාළ හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 9 කට අධික බව අනාවරණය වී අැත. කන්සන්තුරය වරායට නාවික සැතපුම් 8 ක් පමණ දුරින් මුහුදේ පාවෙමින් තිබියදී මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය පාර්සලය නාවික හමුදා වෙරළ ආරක්ෂක භටයින් විසින් සොයාගෙන අැත.