CSN නාලිකාවේ බස් රථය ජාතික රූපවාහිනියට

csnCSN නාලිකාවට අයත් බාහිර විකාශන රථය අද ජාතික රූපවාහිනියට බාර දී තිබේ.

කාල්ටන් ස්පොර්ට්ස් නෙට්වර්ක් (CSN) නාළිකාවට අයත් බාහිර විකාශන බසය  ජාතික රූපවාහිනියට බාර දෙන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා පසුගිය (25) නියෝග කොට තිබුණි.

මේ අවස්ථාවට ජාතික රූපවාහිනියේ බලධාරීන්, CSN නාලිකාවේ බලධාරීන් ඇතුළු අධිකරණ නිළධාරීන් ද සහභාගිවූහ. බස් රථය පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව එම රථය රූපවාහිනි බලධාරීන්ට බාරදුන්හ.

කෙසේ නමුත් බස් රථය භාරගත් රූපවාහිනියේ නිළධාරීන් පවසා සිටියේ එම බස් රථයේ තිබූ අත්‍යවශ්‍ය තාක‍්ෂණික උපකරණ රැසක් අස්ථානගතව ඇති බවය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට අයත් නාලිකාවක් ලෙස සැලකෙන CSN නාලිකාවේ භාවිත කරන ලද මෙම භාහිර විකාශන බස් රථය අයථා මුදල් උපයෝගී කරගනිමින් මිලදී ගත්තක් ලෙස සැලකෙන අතර ඒ සම්බන්ධ නඩු කටයුතු තවමත් අවසන් වී නොමැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top