සයිබර් ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නැහැ

ලොකයේ රටවල් රැසකට බලපෑම් එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් එල්ල වූ බවට මෙතෙක් වාර්තාවී නැති බව පැවැසේ. කෙසේ වෙතත් ආගන්තුක විද්‍යුත් පණිවුඩ විවෘත කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත පවසා තිබේ.

ප්‍රබල සයිබර් ප්‍රහාරයක් බවට විශ්වාස කරන සිදුවීමකින් ලොව පුරා සංවිධාන ගණනාවක අන්තර්ජාල පද්ධති බිඳ වැටී ඇති බව වාර්තාවේ. බීබීසී ලෝක සේවය සඳහන් කළේ බ්‍රිතාන්‍ය, අමෙරිකාව, චීනය, රුසියාව, ස්පාඤ්ඤය සහ ඉතාලිය ඇතුලු රටවල් 100 කට ආසන්න ප්‍රමාණයක පරිගණක දත්තවලට මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බවත් සයිබර් ප්‍රහාරය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවා ආයතනවල ඇතැම් පරිගණක පද්ධති සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බවය..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top