ෂැන්ග්‍රිලා හෝටල් භූමියේ කැණීමකදී අස්ථි කොටස් මතු වෙයි

පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය විසින් ෂැන්ග්‍රිලා හෝටල් සංකීර්ණය ඉදිකිරීම සඳහා එම ආයතනයට විකුණන ලද පැරණි හමුදා මූලස්ථාන භූමියේ සිදු කරන කැණීමකදී මිනිස් අස්ථි කොටසකට සමාන අස්ථි කොටසක් හමුව ඇතැයි වාර්තා වේ.

ගාලු මුවදොර පිහිටි මෙම භූමියේ අදාළ හොටලයේ ඉදිකිරීමක් සඳහා එහි සේවයේ නියුතු පිරිස විසින් කැනීම් සිදු කිරීමේදී මෙසේ අස්ථි කොටස් හමුව ඇති අතර අදාළ අස්ථි කොටස් සොයා ගැනීම සම්බන්ධයෙන් කොටුව පොලීසිය මේ වනවිට ස්ථානීය පරීක්ෂණ ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

සොයා ගන්නා ලද මෙම අස්ථි කොටස් මිනිස් අස්ථි කොටස්ද යන්න සම්බන්ධයෙන් අවසන් නිගමනයකට එළඹ නැති බවද මේ අතර වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top