ස්විස්ටර්ලන්තයේ ජීනිවා නුවර දී පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන සමුළුවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහභාගිවීමට නියමිතය.
ලබන 22 දින ආරම්භ වන සමුළුව 31 දක්වා පැවැත්වෙයි. මෙම සැසිවාරයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා විශේෂ දේශණයක් පැවැත්වීමට ද නියමිතය.
තව ද පොදූ රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීම ද ඇමතීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකාවේ පැවැති පොදූ රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේ දී ප්‍රකාශ කළ කොළඹ ප්‍රකාශනය ද මෙම සමුළුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.