ආණ්ඩුවට සහාය දීම පිළිබඳ සිවිල් සංවිධානවල තීරණාත්මක සාකච්ඡාවක් අද

වත්මන් යහපාලන අාණ්ඩුව බලයට ගෙන ඒම සදහා ගිවිසුම්ගතව පූර්ණ සහාය ලබාදුන් සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන 49 ක් තවදුරටත් අාණ්ඩුවට සහාය ලබා දෙන්නේද නැතිද යන්න සම්බන්ධයෙන් අද (15) තීරණයකට එළඹීමට තීරණය කර අැති බව වාර්තා වේ.

අාණ්ඩුව පත්වීමට පෙර ලබාදුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, දූෂිත පුද්ගලයින් නීතිය ඉදිරියට ගෙන ඒම, දූෂණ සහ නාස්තියෙන් තොරව පාලනය පවත්වාගෙන යෑම සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම ආදී පෙරොන්දු කිසිවක් මෙතෙක් ඉටු නොවීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අද දින සාකච්ඡා කර තීරණයක්‌ ගන්නා බව සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජනතා ව්‍යාපාරය අවධාරණය කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top