ගීතාගේ මන්ත්‍රී ධුරය ගැන බෙදුනු තීන්දුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය ද්විත්ව පුරවැසි භාවය හිමි තැනැත්තියෙකු බැවින් ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බවට අභියාචානාධිකරණය ලබා දුන් තීන්දු තාවකාලිකව අත්හිටුවමින් අද (15) ශ්‍රේෂ්ඨාධිකරණයේදී බේදුණු තීන්දුවක් ලබා දී තිබේ.

ඒ අනුව ඇයට අදාළ අභායාචනය විභාග වී අවසන්වන තුරු මන්ත්‍රී ධුරයේ කටයුතු කළ හැකි ය.

ගීතා කුමාරසිංහ මහත්මිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන ලද පෙත්සමක් සලකා බලමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ  විනිසුරුවරු දෙදෙනෙක් අභියාචනාධිකරණ තීන්දුව තාවකාලිකව අත්හිටුවීමට තීන්දු කර ඇති අතර එක් විනිසිරුවරයෙකු තීණ්දු කර ඇත්තේ ඇයට තවදුරටත් මන්ත්‍රී ධුරයේ කටයුතු කළ නොහැකි බව ය.

සැප්තැම්බර් 25 වැනිදා නැවත නඩුව විභාගයට ගැනීමට නියමිත ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top