මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය සහ සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමිනුයි මෙම කරුණු ප්‍රකාශයට පත්කර ඇත්තේ. ඒ පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වුණා.
වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම සදහා අනිවාර්ය මූලික සුදුසුකම් අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස නීතිගත කිරීමට රජය තීරණය කර තිබෙනවා. වෛද්‍ය උපාධියට අදාල අවසන් පරීක්ෂණය සමත් සයිටම් සිසුන් හට හෝමාගම හෝ අවිස්සාවේල්ල රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා දීම තවත් තීරණයක්. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හා විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ පවත්වනු ලබන පරීක්ෂණයකට සයිටම් සිසුන් පෙනී සිටීම අනිවාර්යයි. වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගෙන ශික්ෂණ රෝහලක් ලෙස ජනතාවට නොමිලේ සෞඛ්‍ය සේවා සැපයීමට ද නියමිතයි. රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුලත් වීමේ වරම් නොලබන සිසුන්ට මෙරටදීම උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථා පුළුල් කිරීමේ සහ ඒ සදහා ප්‍රමිතිගත පදනමක් මත පෞද්ගලික අංශයේ සහාය ලබා ගැනීමට ද තීරණය කර තිබෙනවා. පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන මගින් මෙරට සිසුන් සදහා ලබා දෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩි කිරීම සදහා අදාල ආයතන වෙත උපදෙස් ලබාදීමටයි තීරණය කර ඇත්තේ.
රජයේ වෛද්‍ය පීඨ සදහා බදවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ඉහල නැංවීම හා නව වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීමටත් රජය තීරණය කර තිබෙනවා. මෙරට ලියාපදිංචි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල අධ්‍යාපන මට්ටම පරිපාලනය හා කළමනාකාරීත්වය පිළිබද නිෂ්චිත තත්ත්වයක් හා ප්‍රමිතියක් පවත්වාගෙන යාම අනිවාර්ය කිරීමටයි තීරණය කර ඇත්තේ. එම සියලු ආයතන කොළඹ කොටස් වෙළෙදපොලේ ලැයිස්තුගත සමාගම් ලෙස ක්‍රියාත්මක කරවීම මගින් ජනතා හිමිකාරීත්වය සතු ආයතන බවට පත්කිරීමටත් රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යන අය ද මෙම මාධ්‍ය හමුවට එක්වුණා.
Add Comment