INDIAN NEWS

එල්.ටි.ටි.ඊ. සංවිධානයට කොංග්‍රස් පක්‍ෂය ආයුද ලබාදුන් බවට භාරදීය ජනතා පක්‍ෂයෙන් චෝදනාවක්

ltte එල්.ටි.ටි.ඊ. සංවිධානයට ඉන්දිය කොංග්‍රස් පක්‍ෂය ආයුධ ලබාදුන් බවට භාරදීය ජනතා පක්‍ෂය චෝදනා කර තිබේ.

කොංග්‍රස් පාලන සමයේ එල්.ටි.ටි.ඊ. සංවිධානයට ආයුධ ලබාදුන් බවට සඳහන් කර තිබේ. මධ්‍යම රජයේ අමාත්‍ය වෙන්කය නායුඩු මෙලෙස චෝදනා කර තිබේ.

ත්‍රස්තවාදීන්ට සහාය ලබා දෙන කොංග්‍රස් පක්‍ෂය ජාතිකවාදීන්ව මර්ධනය කරන බවට චෝදනාකර තිබේ.

ඉන්දිය කොංග්‍රස් පක්‍ෂය එල්.ටි.ටි.ඊ. සංවිධානයට ආයුධ හා උණ්ඩ ලබාදුන් බවත්, පසුව ඉන්දිය සාම හමුදාවත් යැවූ බවට චෝදනා කර තිබේ. ඉන්දිය සාම හමුදාවේ 1000කට අධික පිරිසක් එහිදී මිය ගිය බවද සඳහන් කර තිබේ.

කොංග්‍රස් රජය කිසිම අවස්ථාව ජාතික සමඟිය ගොඩනැගීමට උත්සහ නොකළ බවට මධ්‍යම රජයේ අමාත්‍යවරයා පෙන්වාදී තිබේ.