ඩිල්ලු කඩු ප්‍රහාර කල්ලියේ අට දෙනාට බරපතල වැඩ සහිත සිරඳඞුවම නියම කරයි..

කඩු ප්‍රහාරවලට සම්බන්‍ධ කල්ලියක අට දෙනාගෙන් තිදෙනෙකුට වසර තුනක බරපතල වැඩ සහිත සිරදඞුවම ද තවත් පස් දෙනෙකුට වසරක වැඩ සහිත සිරදඞුවම ද නියම කරමින් යාපනය මහසේත්‍රාත් අධිකරණය ඊයේ (16) දින තීන්දු කර තිබේ.

පසුගිය 2012 වසරේ යාපනය, මඩත්දඩි ප්‍රදේශයේ සිදුවූ කඩුවලින් පහරදීමේ සිද්ධිය සම්බන්‍ධයෙන් පොලීසිය විසින් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. එම කල්ලියට ඩිල්ලු කණ්ඩායම යැයි පොලීසිය විසින් නම් කරද තිබුණි. ඩිල්ලු ඇතුළු සැකකරුවන් අට දෙනාට එරෙහි නඩුව යාපනය මහසේත්‍රාත් අධිකරණයේ විභාග කළ අතර, ඊයේ දින අධිකරණය විසින් නඩුවට අදාළ තීන්දුව ලබාදී තිබේ.

ඉකුත් නඩුවේ අපරාධකරුවන් පාර්ශවයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී සහ නීතීඥ එම්.ඒ. සුමන්දිරන් මහතා ඉදිරිපත්වී සිටීම ද විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top