WORLD NEWS

ඉතාලියට අද ජාතික ශෝක දිනයක්

italy fl_CIඉතාලිය අද ජාතික ශෝක දිනයක් ලෙසට ප්‍රකාශයට පත්කර තිබේ.

පසුගියදා ජීවිත හානි 300කට ආසන්න ප්‍රමාණයක් බිලි ගනිමින් ඉතාලියේ මධ්‍යම ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය අය වෙනුවෙන් පවත්වන රාජ්‍ය අවමංගල්‍ය උත්සව අද (27දා) පැවැත්වේ.

ඉතාලි අග්‍රාමාත්‍ය මෙට්ටියෝ රෙන්සිගේ මූලිකත්වයෙන් මෙම අවමංගල උත්සව පැවැත්වෙන අතර, අග්‍රාමාත්‍යවරයා භූ කම්පනයෙන් දැඩි හානි සිදුවූ අර්කුටා හි අවමංගල්‍ය උත්සව සඳහා සහභාගී වීමට නියමිතය.

පසුගියදා සිඳුවූ භූමිකම්පාවෙන් 300කට ආසන්න පිරිසක් ජීවිතක්‍ෂයට පත්වුණි. සිරුරු 278ක් සොයා ගෙන තිබෙන අතර, තුවාල ලැබූ පුද්ගලයන් 388 දෙනෙකු තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබන බව ඉතාලි වාර්තා සඳහන් කරයි. රිච්ටර් පරිමාණ ඒකක 6.2ක මෙම භූමිකම්පාවෙන් පුද්ගලයන් 2,000කට පමණ නිවාස අහිමි වී තිබේ.