SRILANKAN NEWS

රටේ දැන් ප්‍රබල අාණ්ඩුවක් නෑ – ඒකාබද්ධ විපක්ෂය

රටට මෙන්ම අාණ්ඩුවට මුහුණ දී මට සිදුව අැති ගැටළුකාරී තත්ත්වයන්ට නිසි විසදුම් ලබාදීම අාණ්ඩුවේ වගකීම වුවද අදාළ වගකීම් පැහැර හරමින් අාණ්ඩුව කටයුතු කරන අාකාරයක් පෙනී යන බව ඒකාබද්ධ විපක්ෂය පවසා සිටියි. ඊයේ (17) බොරැල්ල එන්.එම් පෙරේරා මධ්‍යස්ථානයේදී පවත්වන ලද මාධ්‍ය හමුකදී මෙම අදහස් පළ කරන ලද්දේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය විසිනි.

සිය අදහස් පළ කරමින් ජී.එල් පීරිස් මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ රට තුළ මේ වන විට ප්‍රබල අාණ්ඩුවක් නොපවතින අතර රට දිනෙන් දින අරාජික තතත්වයට පත්වෙමින් පවතින බවයි.

මෙම අවස්ථාව සදහා සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසා සිටියේ ඉන්දියාව සහ චීනය යන රටවල් දෙකම ශ්‍රී ලංකාව කෙරෙහි රදවා තබා ගැනීමට අාණ්ඩුව දරනු ලබන උත්සාහය නිසා ඉදිරියේදී රට ඉන්දියානු සාගරයේ ගිලී යනු අැති බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරුන්ද සහභාගි විය.