රත්නපුර ප්‍රදේශයේ සිඳුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට..

රත්නපුර, කුරුවිට ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරෙන් ලොරි රථ දෙකෙහි රියදුරන් දෙදෙනා සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු  තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති අතර කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයේ රියදුරා සහ සහයකවරයා මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි හා 27 හැවිරිදි  පුද්ගලයින් දෙදෙනෙකි.

අනතුර සම්බන්ධයෙන් කුරුවිට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top