ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන සමුළුව අද

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන සමුළුව ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී අද (22) ආරම්භ වේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊට සහභාගී වීමට නියමිතයි.

අද ආරම්භ වන සමුළුව ලබන තිස් එක්වනදා දක්වා පැවැත්වේ. මෙහිදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතයි. එමෙන්ම අමාත්‍යවරයා පොදු රාජ්‍ය මණ්ඩලයීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීම ද අමතන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ශ්‍රී ලංකාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේ දී ප්‍රකාශ කළ කොළඹ ප්‍රකාශනය ද මෙම සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙරට සෞඛ්‍ය සේවාව නංවාලීමේ ව්‍යාපෘති රැස්වීම් කිහිපයකට ද අමාත්‍යවරයා සහභාගී වනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top