ඉන්දියාවේ සුමේධා නෞකාව කොළඹ වරායට..

ඉන්දීය නාවික හමුදාවට අයත් සුමේධා නෞකාව තුන්දින නිල සංචාරයක් සදහා කොළඹ වරායට පැමිණ තිබේ. ඉන්දීය සුමේධා නෞකාව ගැඹුරු මුහුදු ප්‍රදේශ, මුර සංචාරක, අධිතාක්‍ෂණික නෞකාවක් ලෙසයි කටයුතු කරන්නේ. කොළඹ වරායට සේන්දු වූ නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුව පිළිගත්තා. ලබන 24වනදා දක්වා එය මෙරට රැඳී සිටිනවා.

පුහුණු නාවික අභ්‍යාස, සංස්කෘතික අංග, සුහද ක්‍රීඩා තරඟාවලි මෙන්ම තවත් වැඩසටහන් රැසක් ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධාන කර තිබෙනවා. පසුගිය වසර තුළ මෙවැනි නිල සංචාර සඳහා විදේශීය නාවික හමුදා සහ වෙරළාරක්‍ෂක බලකායන්ට අයත් නෞකා 57ක් මෙරටට පැමිණ තිබෙනවා. මේ වර්ෂයේ මේ දක්වා නෞකා විස්සක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top