SRILANKAN NEWS

උතුරෙන් හමුදාව ඉවත් කළ යුතුයි – විග්නේෂ්වරන්

උතුරේ සිට ත්‍රිවිධ හමුදාව ඉවත් කළ යුතු යැයි උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා ඉල්ලා තිබේ. යුද්දයේ මියගිය අය වෙනුවෙන් මුල්ලිවායිකාල්හි පැවැති සිහිපත් කිරීමේ උත්සවයට සහභාගි වූ අවස්ථාවේ ඔහු මේ බව පවසා තිබේ. උතුරෙන් ත්‍රිවිධ හමුදාව ඉවත් නොකළේ නම් ජනතාව වීදි බැසි අරගල කිරීමට සිදුවනු ඇතැයි හෙතෙම පවසා තිබේ.

උතුරේ එක් ලක්‍ෂ පනස් දාහක් පමණ හමුදා සෙබළුන් ස්ථානගත කර ඇති බවත්, උතුරට මෙතරම් හමුදාවක් අවශ්‍ය නොවන බව පෙන්වාදී ඇති විග්නේෂ්වරන්, මෑතකදී උතුරේ සංචාරයක නිරතවූ කැනඩාවේ ටොරෙන්ටෝ නගරාධිපති ජෝන් ටෝරි මහතා, මෙතරම් හමුදා කඳවුරු කුමකට දැයි තමන්ගෙන් ප්‍රශ්ණ කළ බවද පවසා තිබේ.

මේ අතර, උතුරේ හමුදා සෙබළුන් එක් ලක්‍ෂ පනස් දාහක් ස්ථානගත කර නැතැයි ආරක්‍ෂක අංශය පවසා ඇති බවට කොළඹ පුවත් මාධ්‍යක් සඳහන් කර තිබේ.