SRILANKAN NEWS

එස් බී ගෙන් කෝටි 50ක් ඉල්ලා මන්ත්‍රී මහින්දානන්දගෙන් එන්තරවාසියක්

mahindananda - මහින්දානන්දඅමාත්‍ය එස් බී දිසානායක මහතාගෙන් රුපියල් කෝටි 50 ක වන්දියක් ඉල්ලා මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා එන්තරවාසියක් යොමුකර තිඛෙනවා.

ඔහු මාධ්‍ය වෙත සදහන් කළේ තම කීර්ති නාමයට අපහාසවන ප්‍රකාශයක් කිරීම හේතුවෙන් මෙම එන්තරවාසිය යොමුකළ බවයි. තමන්ගේ රුපියල් මිලියන 240 ක්‌ වටිනා නිවසක්‌ කොළඹ තිබෙන බවට එස් බී දිසානායක මහතා මාධ්‍ය වෙත පවසා ඇති බවයි මන්ත්‍රීවරයා සදහන් කළේ.

එමෙන්ම රුපියල් මිලියන 5000 ක වන්දියක් තමාගෙවූ බවත් අමාත්‍යවරයා පවසා ඇති බව අලුත්ගමගේ මහතා සදහන් කළා. ඒ අනුව අදාළ චෝදනා සම්බන්ධයෙන් නීතීඥවරයකු හරහා එනතරවාසියක් යොමුකළ බවයි ඔහු කියා සිටියේ.

– Global Tamil News – Sinhala