නව කැබිනට් ඇමතිවරු දිවුරුම් දෙති…

නව කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යාශ 09 ක් සහ එක් රාජ්‍ය අමාත්‍යාංශයක් සඳහා නව අමාත්‍යවරු අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම්දුන්හ. කැබිනට් මණ්ඩල සංශෝධනයේදී නව කැබිනට් අමාත්‍ය ධූර සඳහා 9 දෙනෙකු පත්කිරීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කර තිබුණි.

නව ඇමතිවරු දිවුරුම්දෙති

 

කැබිනට් අමාත්‍ය ධූර

01- මංගල සමරවීර මහතා      –    මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය
02- එස්.බී. දිසානායක මහතා  –    සමාජ සවිබල ගැන්වීම් සුබසාධන සහ කන්ද උඩරට සංවර්ධන කටයුතු අමාත්‍ය
03- ඩබ්.ඞී.ජේ. සෙනෙවිරත්න මහතා –  කම්කරු, වෘත්තීය සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍ය
04- රවී කරුණානායක මහතා        –       විදේශ කටයුතු අමාත්‍ය
05- මහින්ද සමරසිංහ මහතා        –    වරාය සහ නාවික කටයුතු අමාත්‍ය
06- ගයන්ත කරුණාතිලක මහතා    –    ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය
07- අර්ජුන රණතුංග මහතා        –    ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය
08- චන්දිම වීරක්කොඩි මහතා        –    නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය
09- තිලක් මාරපන මහතා        –     සංවර්ධන කාර්යයන් පිළිබ`ද අමාත්‍ය

රාජ්‍ය අමාත්‍ය ධූර

01 – මහින්ද අමරවීර මහතා        –    මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
( පවතින ධීවර අමාත්‍ය ධූරය ද ඇතුළුව)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top