ජනපති හෙට ඔස්ට්‍රේලියාවට

රාජ්‍ය සංචාරයක් සඳහා හෙට (23) දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔස්ට්‍රේලියාව බලා පිටත්වයාමට නියමිතයි.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා එරට සංචාරයක නිරත වන බවයි වාර්තාවේ.

තෙදිනක් ඔස්ට්‍රේලියාවේ රැදී සිටින ජනාධිපතිවරයා එහිදී ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා, මැතිඇමතිවරුන් ඇතුළු ඉහළ පෙලේ නායකයින් මුණගැසී සාකච්ඡා කිරිමට  නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top