2017 IPL කුසලානය මුම්බායි ඉන්දියන්ස් දිනා ගනී..

2017 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ කුසලානය එක් ලකුණක තියුණු ජයක් සමගින් හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වී තිබේ.

මෙවර තරගාවලියේ අවසන් තරගය රයිසින් පුනේ සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේදී ඊයේ රාත්‍රියේ පැවැත්විය.

එහිදී තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්ඩියන්ස් කන්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, මුම්බායි කණ්ඩායම පන්දුවාර 20 තුල කඩුලු 8ක් දැවී රැස් කළේ ලකුණු 129ක් පමණි.

ලකුණු 130ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි රයිසිං පූනේ සූපර්ජයන්ට්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 128ක් පමණි. මුම්බායි ඉන්ඩියන්ස් කන්ඩායමේ කෘනාල් පාන්ඩ්‍යා තරගයේ වීරයා බවට පත්විය.

මේ සමග අවස්ථා 3කදී අයි පී එල් කුසලානය දිනූ පලමු කණ්ඩායම බවට මුම්බායි කණ්ඩායම පත්වුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top