SRILANKAN NEWS

සමාජ ශාලා ගැටුම ගැන ජනපතිගේ උපදෙස් මත පරීක්ෂණයක්

investigationකොළඹ, යූනියන් පෙදෙස රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ‍ ගැටුම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන මෙන් ජනාධිපතිවරයා ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී තිබේ.

මේ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පැමිණිල්ලක් තිබුණද,නැතද සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පුතු වන දහම් සිරිසේන මහතාගේ නමද ඈදා ගනිමින් පුවත් පළවන බැවින් මෙලෙස උපදෙස් ලබාදී ඇති බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරූ පරණවිතාන මහතා පවසයි.

අද(12)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන ඒකකය විසින් ද පරීක්ෂණයක් සිදුකරන බවත්, පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ඉදිරි ක්‍රියා මාර්ග ගනු ඇති බවට නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

– Global Tamil News – Sinhala