SRILANKAN NEWS

පිල්ලයාර්ගේ ඉඩමේ බුදු කුටියක් – ජනතාව කණගාටුව පළ කරයි..

කිලිනොච්චිය ක්‍රිෂ්ණපුරම් ප්‍රදේශයේ වසර 30ක කාලයක් පැවැති පිල්ලයාර් කෝවිලට අයත් ඉඩමේ පසුගිය වසර අටක් තිස්සේ බුදු කුටියක් තබා ඇති බවට ප්‍රදේශයේ ජනතාව කණගාටුව පළ කර තිබේ.

මේ සම්බන්‍ධයෙන් වැඩිදුරටත් වාර්තාවන්නේ, කිලිනොච්චිය කරයිච්චි ප්‍රාදේශිය සභාවට අයත් ක්‍රිෂ්ණපුරම් ගම්මානයේ බෝ ගසක් යට පසුගිය වසර තිහක කාලයක් පිල්ලයාර් කෝවිලක් තිබී ඇත. ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් තම ඉඩම පිල්ලයාර් කෝවිල සඳහා පරිත්‍යාග කර තිබුණි. එහිදී නැගෙනහිර දිසාවට මාර්ගය මුහුණලා පිල්ලයාර් කෝවිලක් ඉදිකර ජනතාව ආගමික කටයුතු සිඳු කළහ.

මෙවැනි තත්වයකදී 2009 වසරදී නැවැත පදිංචිය සඳහා ක්‍රිෂ්ණපුරම් ප්‍රදේශයට පැමිණි ජනතාවට පිල්ලයාර් කෝවිල තිබූ ස්ථානයේ කුඩා බුදු කුටියක් ඉදිකර තිබීම ගැන කම්පනයට පත්වූහ. මේ සම්බන්‍ධයෙන් කිසිවකුට පැවැසීමට නොහැකි හෙයින් ප්‍රදේශවාසීන් පසුගිය වසර අටක කාලයක් නිහඞව සිටිති.

මෙවැනි තත්වයකදී පිල්ලයාර් කෝවිල එම ස්ථානයෙන් ඉවත්කර උතුරු දිසාවට හරවා වෙනත් ස්ථානයක තබා ඇත. පිල්ලයාර් කෝවිල තිබූ ස්ථානයේ නැගෙනහිර දිසාවට මාර්ගය මුහුණලා බුදු කුටියක් ඉදිකර තිබේ.

එමෙන් පිල්ලයාර් කෝවිල තිබූ බෝ ගස යට දැන් විශාල බුදු පිළිමයක් ද තැන්පත් කර තිබෙන හෙයින් නැවැත පිල්ලයාර් කෝවිල එම ස්ථානයේ ඉදිකිරීමට නොහැකි බව පවසන ප්‍රදේශවාසීන් තම පිල්ලයාර් කෝවිල ආගාම න්‍යායට අනුව නැගෙනහිර දිසාවට හරවා ඉදිකර ගැනීමට අවස්ථා ගණානවක් හමුදාවට දැනුම් දුන් නමුත් මෙතෙක් එය ඉදිකර නොදුන් බව පවසා තිබේ.