ජනපති අද ඔස්ට්‍රේලියා යයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ, ඔස්ට්‍රෙලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතාගෙන් ලද විශේෂ ආරාධනාවක් අනුව ජනාධිපතිවරයා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යන බව ය.

ඔස්ට්‍රේලියානු ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමටත්, මෙරටට වාසි සහගත ලෙස ද්විපාර්ශවික වෙළෙඳාම වර්ධනය කර ගැනීමත් ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේදී ප්‍රමුඛ අවධානය යොමු කෙරෙනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top