මුහමලේ වෙඩි තැබීම ගැන පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරනවා – සාගල රත්නායක

මුහමලේ ප්‍රදේශයේදී පොලිස් ජංගම රථයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන අවසන් වූ වහාම. එහි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (23දා) පැවසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා විසින් පාර්ලිමේන්තුවේදී යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පොලිස් කණ්ඩායම් 05ක් සහ යුද හමුදාව විසින් විමර්ශන සිදුකරගෙන යන බවයි.

එම වෙඩි ප්‍රහාරයක් පොලිස් ජංගම රථයට වැදී නැතැයිද හෙතෙම පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top