වැල්වැටිතුරේ ප්‍රදේශයේ දී කේරළ ගංජා කිලෝ 50ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා ඇති මෙම ගංජා තොගය උදය සූරියන් වෙරළ තීරයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කර තිබේ. කේරළ ගංජා රැගෙන ආ සැකකරුවන් පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සහ පොලීසිය එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භකර ඇති බවද වාර්තාවේ.