SRILANKAN NEWS

ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කරනවා

ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කරන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ස්ථාවර නියෝග 23(2) යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා විසින් පුලියම්කුලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉඩම් ගැටළු පිළිබඳව යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

පුලියන්කුලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉඩම් ලබාදීමේ වැඩපිළිවෙලක් පවතින බව අමාත්‍යවරයා පිළිතුරු ලබාදෙමින් සඳහන් කළේ ය. මෙහිදී නැඟී සිටි, සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ රජය මේ වනවිට ඉඩම් අක්කර 5000ක් නිදහස් කර තිබෙන බවත් ඉදිරියේ දී තවත් අක්කර 3000ක් නිදහස් කරන බවත් ය.