අන්‍යාගමිකයන්ට හිරිහැර කරන කල්ලි වලට එරෙහිව විශේෂ පොලිස්‌ ඒකකයක්‌..

ජාතිවාදීව සහ ආගම්වාදීව කටයුතු කරමින් අන්‍යාගමිකයන්ට හිරිහැර වන අාකාරයට හැසිරෙන, අන්‍යාගමිකයන්ගේ අාගමික ස්ථානයන්ට පහරදෙන සංවිධානාත්මක කල්ලිවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සදහා පූර්ණ බලතල සහිත විශේෂ පොලිස්‌ ඒකකයක්‌ පිහිටුවීමට රජය විසින් තීරණය කර ඇති බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී අැති අතර අන්‍යාගමික ස්‌ථානයන්ට පහරදීම හෝ යම් කලබලකාරී සිද්ධියක්‌ ඇතිවූ විට ක්‍ෂණිකව අදාළ ස්‌ථානවලට අනුයුක්ත වීම, සිද්ධිය පිළිබද විමර්ශනය කිරීම මෙන්ම උපදෙස්‌ දීම මෙම ඒකකයේ වගකීම වනු අැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top