පාසල් දරුවන් ගැවසෙන ස්‌ථානයක සිට මීටර් 500 ක්‌ ඇතුළත දුම්වැටි හා මත්පැන් විකිණීම තහනම්…

පාසල් දරුවන් ගැවසෙන ස්‌ථානයක සිට මීටර් 500 ක්‌ ඇතුළත දුම්වැටි හා මත්පැන් විකිණීම තහනම් කළ යුතු යැයි යෝජනා කරමින් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් කැබිනට්‌ මණ්‌ඩලයට විශේෂ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කර ඇත.

දුම්වැටි හා මත්පැන් වෙළෙඳාමට අදාළ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම හා සියලුම ප්‍රසිද්ධ ස්‌ථානවල දුම්පානය තහනම් කිරීමටද එම පත්‍රිකාව මගින් යෝජනා කර ඇත. මෙම යෝජනා පිළිබඳව ඉදිරි කටයුතු සඳහා ත්‍රිපුද්ගල කමිටුවක්‌ පත් කිරීමට ඇමැති මණ්‌ඩල රැස්‌වීමේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පියවර ගෙන ඇත.මේ දිනවල ජිනීවාහි පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුවට සහභාගී වී සිටින ඇමැති රාජිත සේනාරත්න මහතා ලංකාවේ දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව ගත් මෙම පියවර පිළිබඳව එම සමුළුවේදී කරුණු දක්‌වා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top