උතුරු පළාත් සභාව සම්බන්‍ධන්ගෙන් සමාව ඉල්ලයි..

මුල්ලිවායිකාල් ප්‍රදේශයේ පැවැති මුල්ලිවායිකාල් අනුස්මරණ සැමරුම් අවස්ථාවේ විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතාට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීම හෙලාදැක අද දින උතුරු පළාත් සභාවෙහි විශේෂ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

උතුරු පළාත් සභාවේ 93වන සැසිවාරය අද (25) දින පැවැත්වුණා. එහිදී අදාළ සිද්ධිය සම්බන්‍ධයෙන් හදිසි කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට නියමිත බව පෙර වාර්තාවූ නමුත් අද දින එය විශේෂ වාර්තාවක් ලෙස උතුරු පළාත් සභා සභාපති විසින් සභාගත කළා.

මුල්ලිවායිකාල් දිනයේදී පාර්ලිමෙන්තු මන්ත්‍රී සහ විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතාගේ කථාවට බාධා කරමින් සිදුකළ අවනීත ක්‍රියාව මෙම සභාව හෙලා දකින අතර, ඔහුට සිඳුවූ අපහසුතාවයට සමාව ඉල්ලා සිටින බව උතුරු පළාත් සභාවේ සභාපති එහිදී පවසා සිටියා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top