තිරුනෙල්වේලි ශ්‍රී කාලි අම්මන් කෝවිලේ වාර්ෂික සැරසිලි උත්සවයේ තෙවන දිනය වූ පසුගිය අඟහරුවාදා (23) දින ඊළාම් සිතියම සහ කොටියෙකු මත කාලි අම්මන්ව තබා සැරසිලි කටයුතු සිදුකර තිබේ. මේ සම්බන්‍ධයෙන් කෝවිල් පරිපාලනයට අයත් තරුණයෙකුව යාපනය පොලිස් බුද්ධි අංශය විසින් ඊයේ දින අත්අඩංගුවට ගෙන කෝප්පායි පොලිස් ස්ථානයට රැගෙන ගොස් ප්‍රශ්ණ කර තිබේ.
