රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්‍ධ බ්‍රිගේඩයර් අත්අඩංගුවට

රතුපස්වල ප්‍රදේශයේදී පැවති විරෝධතාවකදී හමුදාව විසින් සිදුකරන ලද වෙඩි තැබීම සදහා අණදුන් බවට චෝදනා එල්ල වූ යුද හමුදා බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2013 අගෝස්තු මස 01 වන දින සිදුවූ මෙම වෙඩිතැබීමෙන් රතුපස්වල ප්‍රදේශයේ පානීය ජල ගැටළුවට විසඳුම් ඉල්ලා සාමකාමී උද්ඝෝෂණයක නිරතවූ ජනතාව අතර සිටි අවුරුදු 14ක පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙකු ඝාතනය විය. මෙම ජනතාවගේ උද්ඝෝෂණය විසිරුවා හැරීම සඳහා කැඳවනු ලැබූ යුද හමුදා භට පිරිස මෙහෙයවූයේ බ්‍රිගේඩයර් අනුර දේශප්‍රිය ගුණවර්ධන බවට චෝදනා එල්ල වී ඇත.

මේ අනුව අද (25) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top