ශ්‍රී ලංකා මහ බැංකුවේ රහස්‍ය මූල්‍ය තොරතුරු පිටතට අනාවරණය වීම පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙස මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා රහස් පොලිසියට පැමිණිලි කිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහ බැංකු අධිපතිවරයා අතර පැවැති දීර්ඝ සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන තිබේ.
මීට අමතරව රහස්‍ය තොරතුරු අනාවරණය වීම සම්බන්ධව සොයා බැලීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් පත් කිරීමට නියමිත බවද වාර්තාවේ. මෙසේ තොරතුරු හෙළිදරව් කරන පුද්ගලයන් කවර මට්ටමේ අයෙකු වුවත් තරාතිරම නොබලා ඔවුනට එරෙහිව නිසි පියවර ගැනීමට මහ බැංකුව කටයුතු කරමින් සිටින බව එම ආරංචිමාර්ග පවසයි.
පසුගිය වසර ගණනාවක සිට මහ බැංකුවේ රහස්‍ය තොරතුරු පිටවෙමින් තිබෙන බවත් මේ නිසා මහ බැංකු අභ්‍යන්තර කටයුතු සම්බන්ධව ප්‍රශ්න රැසක් මතුව ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.
– Global Tamil News – Sinhala
Add Comment