සති දෙකකින් වැසි නොලැබුණහොත් විදුලි කප්පාදුවක්

electicity - විදුලියපවතින වියළි කාලගුණික තත්ත්වය ඉදිරි සතිදෙක තුළද පැවතුණහොත් බොහෝවිට රටතුළ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව විදුලිබල හා පුනර්ජනනීය නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.

ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට වර්ෂාව නොලැබීම හේතුවෙන් ජලාශවල ජල මට්ටම මේවන විටද සීග්‍ර ලෙස පහත බැසීමෙන් ඉදිරි කාලය තුළ වැසි නොලැබුණහොත් ජල විදුලි බල පද්ධතිය පවත්වාගෙන යාමේ දැඩි අපහසුවක් ඇතිවීමේ අවදානමක් මතුවී ඇති බව පැවැසේ.

කෙසේ නමුත් ජනතාව අපහසුතාවට පත් නොකර අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

– Global Tamil News – Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top