මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළි කුණාටුවක්

මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නැගෙනහිර දෙසින් පැවති පීඩන අවපාතයසුළි කුණාටුවක්  (MORA) බවට පත්වී එය තවදුරටත් දිවයිනෙන් ඈතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (29) නිවේදනය කරයි.

එහි බලපෑම හේතුවෙන්  දිවයින හරහා  අහස වළාකුළින් බරව පවතින අතර වැසි සහ සුළං තත්ත්වයන්  අපේක්ෂා කළ හැක.

දිවයිනේ(විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් වල) සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන පැ.කි.මී. 80 දක්වා තද සුළං ඇතිවේ.

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සමහර ස්ථාන වල (විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වල) මි.මි. 100 වැඩි තද වැසි බලාපොරොත්තු විය හැක.

උතුර සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්යේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top